කඳන් 40ක තේක්ක ලොරියේ හොර ගමන කොට වෙයි

කඳන් 40ක තේක්ක ලොරියේ හොර ගමන කොට වෙයි

දඹුල්ල - ගලේවෙල මාර්ගයේ පහළවැව ප්‍රදේශයේදී ඊයේ (03) අලුයම ලොරියක සූක්ෂ්ම ලෙස අසුරා ප්‍රවාහනය කරමින් තිබූ තේක්ක දැව කඳන් 40ක් සමඟ සැකකරුවන් දෙදෙනකු ගලේවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දඹුල්ල සිට අතුරු මාර්ග ඔස්සේ මෙම ලොරි රථය දැව පටවාගෙන ධාවනය කර ඇති බව පොලිසිය කියයි.

මෙම දැව තොගය ලොරියේ අසුරා ඒවා පොල් අතු වලින් වසා එම පොල් අතු වන අලින්ගේ කෑම සඳහා රැගෙන යන අයුරින් මෙම දැව තොගය ප්‍රවාහනය කර ඇති බව පොලිසිය කියයි.

සැකකරුවන් සමඟ දැව තොගය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා