ඉංගිරිය රයිගම්වත්ත රෝහලේ ගොඩනැගිලි ගරාවැටිලා

ඉංගිරිය රයිගම්වත්ත රෝහලේ ගොඩනැගිලි ගරාවැටිලා

බලධරයනි මේ ඔබේ අවධානය පිණිසයි

ඉංගිරිය, රයිගම්වත්ත වතුයායේ ජනතාවට වසර ගණනාවක් තිස්සේ ඉමහත් සේවයක් සැලසූ රයිගම්වත්ත රෝහලේ ගොඩනැගිලි මේ වන විට අතහැර දමා ඇති අතර, ඒවා සම්පූර්ණයෙන්ම අබලන් වී ගරාවැටෙමින් පවතී.මෙම රෝහලේ වහල ප්‍රථමයෙන්ම දිරා ගොස් අබලන් තත්ත්වයකට පත් වූ බවත්. ඉන්පසු ඇතිවිය හැකි අවදානම ගැන සලකා රෝහල අතහැර දැමූ බවත්, රයිගම්වත්ත ප්‍රදේශවාසීහු පවසති.

අතහැර දැමූ රෝහල් සංකීර්ණයේ එක් ගොඩනැගිල්ලක්
ඡායාරූපය – ඉංගිරිය මධ්‍යම සමූහ

රයිගම්වත්ත ඉහළ කොටස, පහළ කොටස, ඉමගිර කොටස ඇතුළුව වතුයායේ දෙදහසකට ආසන්න ජනතාව මෙම රෝහල වසා දැමීමත් සමඟ ඇතිවූ අපහසුතාව අවම කිරීමට රෝහල වෙනත් තාවකාලික ස්ථානයක පවත්වාගෙන යෑමට රයිගම් වත්ත වතු අධිකාරිය පියවර ගත්තද, එම නව ස්ථානය පිළිබඳව ප්‍රදේශවාසීන්ට එතරම් ප්‍රසාදයක් ඇති බවක් නොපෙනේ.

මෙම ගරාවැටෙමින් පවතින ගොඩනැගිලි යළිත් අලුත්වැඩියා කර ප්‍රයෝජනයට ගැනීමට හැකි තත්ත්වයක නොමැති බවත්, එසේ කරන්නේ්නම් ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් කර නැවත මුළුමනින්ම මුල සිටම ඉදිකිරීම කළ යුතු බවත්, ඒ සඳහා විශාල වියදමක් දැරීමට සිදු වන බවත් වාර්තාවේ.

රෝහලක තිබිය යුතු සියලුම අංශවලින් සමන්විතව පැවති රයිගම්වත්ත පැරැණි රෝහලේ ගොඩනැගිලි මෙලෙස ගරා වැටෙන්නට ඉඩහැරීම ඉමහත් අපරාධයක් බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා