වැසි අපේක්‍ෂාවෙන් රට පුරා පිරිත් සජ්ඣායනා

වැසි අපේක්‍ෂාවෙන් රට පුරා පිරිත් සජ්ඣායනා

ශ්‍රී ලංකාවට වර්ෂාව ප්‍රාර්ථනා කරමින් ආශීර්වාද වැසි පිරිත් සජඣායනයක් දිවයින පුරා විහාරස්ථානවල අද (4) සවස 7.00 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ ආශීර්වාද වැසි පිරිත් සජ්ඣායනය දිවයිනේ පහත සඳහන් විහාරස්ථානවලදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

බෙල්ලන්විල රාජමහා විහාරය, නවගමුව රාජමහා විහාරය කඩුවෙල, කැලණිය රාජමහා විහාරය, කන්දේ විහාරය අළුත්ගම, කළුතර බෝ සමිඳුන්, හෙට්ටාවල පිරිවෙණ උණවටුන, මාතර බෝ සමිඳුන්, තිස්සමහාරාම රාජමහා විහාරය, කසාගල රාජමහා විහාරය, කිරිවෙහෙර රාජමහ විහාරය, වැලියාය පිරිවෙණ, බුද්ධංගල ආරණ්‍ය සේනාසනය, මුතියංගණ රාජමහා විහාරය, මහියංගණ රාජමහා විහාරය, සෝමාවතී රාජමහා විහාරය, බෝධිමාලක පුෂ්පාරාමය තබ්බෝව, යාපහුව රාජමහා විහාරය, බෞද්ධාලෝක පිරිවෙන කුරුණෑගල, ඇටඹගස්කඩ ශ්‍රී සුදර්ශනාරාමය, අලුවිහාරය, නාථ දේවාලය, ගැටඹේ තපෝවනය, වල්ලහගොඩ රාජමහා විහාරය, මහින්දෝදය පිරිවෙණ, ශ්‍රී පාදස්ථානය, පැල්මඩුල්ල ගල්පොත්තාවල රාජමහා විහාරය, සමන් ;ද්වාලය රත්නපුර, සේරුවාවිල රාජමහා විහාරය, නාගදීප රාජමහා විහාරය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා