ප්‍රාථමික පාසල් පන්දහසක් ළමා මිතුරු පාසල් වෙයි

ප්‍රාථමික පාසල් පන්දහසක් ළමා මිතුරු පාසල් වෙයි

දිවයින පුරා පිහිටි ප්‍රාථමික පාසල් පන්දහසක් ළමා මිතුරු පාසල් ලෙස සංවර්ධනයකිරීම ඊයේ (03) ආරම්භ කෙරිණි.

අධ්‍යාපන අමාත්‍යාංශය සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය එක්ව සිදුකරන මෙම කාර්්‍යය අගෝසතු නිවාඩු කාලය තුළ සිදුකිරීමට නියමිතය.

එක් පාසලකට ලක්ෂ පහක පමණ මුදලක් වැයකිරීමට නියමිත අතර සියලුම පාසල් වල පවතින අඩුපාඩු සම්පූර්ණ කිරීමත් දරුවන්ට හිතකර පරිසරයක් පාසල තුළ නිර්මාණය කිරීමත් මෙහිදී සිදුකෙරෙනු ඇත.

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මෙම කාර්්‍යය සඳහා ආර්ථික දායකත්වය සහ අධීක්ෂණය සපයනු ලබයි. නිවාඩු කාලය අවසන්වී පාසලට එන දරුවාට නවීකරණය කරමින් වැඩිදියුණු කළ දරුවාට හිතකර ළමා මිතුරු පාසලක් ලෙස සියලුම පාසල් සංවර්ධන කිරීමට නියමිත බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දිනමිණට අදහස් දක්වමින් කියා සිටියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා