ඔහිය-පට්ටිපොළ අතර අක්කර 500ක වන අඩවිය ගින්නකින් විනාශයි

ඔහිය-පට්ටිපොළ අතර අක්කර 500ක වන අඩවිය ගින්නකින් විනාශයි

බදුල්ල දිස්ත්‍රික්කයේ ඔහිය දුම්රිය පොළ හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පට්ටිපොළ දුම්රිය පොළ අතර කැලෑබද ප්‍රදේශයේ අක්කර 500කට වැඩි ප්‍රමාණයක් පෙරේදා (03) රාත්‍රියේ සිට ගින්නකින් විනාශයට පත්ව ඇතැයි නුවරඑළිය ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ හේතුවෙන් එම දුම්රිය පොළ දෙක අතර දුම්රිය ගමනාගමනයට බාධා සිදුව ඇතැයි එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එරන්දන හේමවර්ධන මහතා දිනමිණට පැවසීය.

එම ගින්න මැඬලීම සදහා මින්නේරිය ගුවන් හමුදා කදවුරේ හෙලිකොප්ටර් 02ක සහාය ලබා ගනිමින් පැතිරෙමින් පවතින ගින්න පාලනය කරමින් තිබෙන බවද ඒ මහතා කීය.

මෙරට තුළ කිසිම විටක ලැව්ගිනි තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩක් නොමැති බව පෙන්වා දෙන ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ(මාධ්‍ය)සරත්ලාල් මහතා පවසන්නේ මිනිසා විසින් සිදුකරන මෙවැනි විනාශකාරී ක්‍රියා හේතුවෙන් ජල පෝෂක ප්‍රදේශ විනාශවීම්, නියං තත්ත්වයන්, නායයාම් ‍ඇතුළු ආපදා තත්ත්වයන් හට ගැනීමේ ප්‍රවණතාවන් වැඩි වෙමින් පවතින නිසා වරද කරු‍වන් නීතියේ රැහැනට හසුකර රටේ පවතින ‍වනාන්තර ආරක්ෂාකර ගැනීමට බලධාරීන් වහාම පියවර ගත යුතු බවයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා