තරුණියකට අතවර කළාට වසර පහළොවක් හිරේට

තරුණියකට අතවර කළාට වසර පහළොවක් හිරේට

බලහත්කාරයෙන් තරුණියකට අතවර කිරීමේ චෝදනාවට වැරදිකරු වූ චුදිතයකුට මොනරාගල මහාධිකරණ විනිසුරු ගිහාන් එච්. කුලතුංග මහතා බරපතළ වැඩසහිතව වසර පහළොවක සිරදඬුවමක් සමඟ රුපියල් පනස් දහසක දඩයක් නියම කළේය.

ඊට අමතරව වින්දිත තැනැත්තියට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසද නියෝග කැරිණි. දඩය නොගෙවන්නේ නම් ඊට වසර පහක සිරදඬුවමක්ද නියම කැරිණි. මෙසේ දඬුවම් ලැබුවේ බිබිල සේනාපතිය අයිවෙල පදිංචි කේ. එම්. අත්තනායක නැමති අය ය.

1997 අගෝස්තු මස 17 වෙනි දින සේනාපතියේ පදිංචි අවිවාහක තරුණියකට බලහත්කාරයෙන් අතවර කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් නඩුව පවරා තිබුණි. රජයේ අධි නීතිඥ නවරත්න මාරසිංහ මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ නිලූදා රත්නායක මහත්මිය පෙනී සිටියාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා