පෙර පාසල් ගුරුවරියන් 450 කට විධිමත් පුහුණුවක්

පෙර පාසල් ගුරුවරියන් 450 කට විධිමත් පුහුණුවක්

දිවයින පුරා පිහිටි පෙර පාසල් 351කට අයත් පෙර පාසල් ගුරුවරියන් 450 කට අධික පිරිසකට මුල් ළමා විය සංවර්ධනය පිළිබඳ විධිමත් පුහුණුවක් ලබා දීමට රජය කටයුතු යොදා ඇත.

සිවිල් දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන පෙරපාසල් ගුරුවරියන්ට මේ පුහුණුව ලබා දෙන අතර ළමා ලේකම් කාර්යාලය හරහා අදාළ කටයුතු ක්‍රියාත්මක කරන බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්ස කරල්ලියද්ද මහතා පවසයි.

යුද සමයේ ත්‍රස්තවාදී තර්ජනවලට ලක්ව තිබූ ගම්මානවල දරුවන්ට පෙර පාසල් අධ්‍යාපනය ලබා දීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සෙබළියන් ගුරුවරියන් ලෙස බඳවා ගැනීමට තීරණය කළ අතර ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සලකා බලා මුල් ළමාවියපිළිබඳ පුහුණුවක් ලබා දීමට කටයුතු කළ බවද ඇමැතිවරයා පවසයි.

දැනට සේවයේ නියුතු එම පෙරපාසල් ගුරුවරියන් ‍‍බොහෝ දෙනකු සිය වෘත්තිය සඳහා අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් සහ පුහුණුව දැනටමත් ලබා ඇති බවද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා