කුණාටු සහිත වර්ෂාවෙන් උතුරු කොරියාවේ 119ක් ජීවිතක්ෂයට

කුණාටු සහිත වර්ෂාවෙන් උතුරු කොරියාවේ 119ක් ජීවිතක්ෂයට

උතුරු කොරියාවේ ඇති වු කුණාටු සහිත වර්ෂාවෙන් හා ජල ගැල්මෙන් පුද්ගලයන් 119දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රාජ්‍ය මාධ්‍යයෙන් වාර්තා වී ඇති අතර එරට විපතට පත් වූවන් වෙනුවෙන් අන්තර්ජාතික රතු කුරුස සංවිධානය ඩොලර් 308000ක මුදලක් වෙන්කර ඇතැයි ප්‍රකාශ කර තිබේ.

උතුරු කොරියානු බලධාරින් නිකුත් කළ වාර්තාවන්ට අනුව ඉකුත් ඉරිදා හා සඳුදා නායයෑම්වලින් හා කුණාටුවත් සමඟ ඇති වු අකුණු වලින් 31දෙනකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර 16දෙනකු අතුරුදන්ව තිබේ. මීට කලින් පසුගිය මාසයේ ජල ගැලීමට ගොදුරු වීමෙන් 88දෙනකු මියගොස් ඇති බව වාර්තා කෙරී තිබිණ.

තවද 21000 කට උන්හිටිතැන් අහිමි ව ඇති බවත් කලින් පැවති අයහපත් කාලගුණ තත්ත්වයේදී 840000ක් අවතැන්ව ඇති බවත් වාර්තා වී ඇත. මීට අතිරේකව හෙක්ටෙයාර 45370ක ගොවිබිම් ජලයෙන් යටවී විනාශ වී ඇත. ගල් අඟුරු ආකර රැසක් ජලයෙන් යටවී ඇති අතර ගල්අඟුරු ටොන් දහස් ගණනක් හා උපකරණ ද ගසාගෙන ගොස් තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා