ජනපතිගේ ඉන්දියා සංචාරයට විරෝධය පෑ වයිකෝ ඇතුළු 1000ක් අත්අඩංගුවට

ජනපතිගේ ඉන්දියා සංචාරයට විරෝධය පෑ වයිකෝ ඇතුළු 1000ක් අත්අඩංගුවට

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දියා සංචාරයට විරෝධය පළ කැරමින් කළහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් හත්සිය අසූහතර දෙනකු ඉන්දීය පොලිසිය ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර එම්. ඩී. එම්. කේ. පක්ෂයේ නායක වයිකෝ ඇතුළු දේශපාලන නායකයන් කිහිපදෙනකු සිටින බවට මෙරට ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබී තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ සාංචි නුවර සංචාරයක නිරතවෙමින් සිටින අවස්ථාවේ බස්රථ විශාල ප්‍රමාණයක නැගුණු වයිකෝ ඇතුළු පිරිසක් මාර්ග හරස් කරමින් ජනාධිපතිවරයාගේ ගමන වළක්වාලීමට උත්සහගත් අවස්ථාවේ මෙලෙස ඉන්දීය පොලිසිය මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

කොටි ඩයස්පෝරාවේ අවශ්‍යතාවය මත මෙම විරෝධතාවය පැවැත්වීමට වයිකෝ ඇතුළු කොටි හිතවාදීන් කටයුතු කැර ඇති බව බුද්ධි අංශ මේ වනවිට අනාවරණය කරයි. මේ අතර පෙරේදා (20) තමිල්නාඩු පොලිසිය විඩුදලෙයි සිරිතෛහල් පක්ෂයේ සාමාජිකයින් තිස්දෙනකු ද අත්අඩංගුවට ගනු ලැබීය.

ඉන්දියාවේ තිරිච්චි ප්‍රදේශයේ ගමන් කරමින් තිබූ දුම්රියක් නවතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විරෝධය පළ කිරීමට මේ පිරිස කටයුතු කැර තිබුණි. තිරුමාවලර්ගේ නැමැති දේශපාලඥයා මෙය මෙහෙයවා ඇතැයි පැවසේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මේ වනවිට පූර්ණ ආරක්ෂාව ලබා දී ඇතැයි ඉන්දීය ආණ්ඩුව අවධාරණය කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා