හෙරොයින් ගෙනා ඉන්දියානුවා දැලේ

හෙරොයින් ගෙනා ඉන්දියානුවා දැලේ

හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන එමින් සිටි ඉන්දියා ජාතිකයෙකු ඊයේ (21) කටුනායක ගුවන්තොටුපලේදී ශ්‍රි ලංකා රේගු නිළධාරින් අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් ලක්ෂ 60 ක් පමණ වටිනා මෙම හෙරොයින් තොගය ඊයේ (21) අලුයම 5.00 ට පමණ මෙරටට පැමිණි සැකකරු සතුව තිබී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඉනිදීය ජාතිකයා රැගෙන පැමිණි හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 720 ක් පමණ අත් අඩංගුවට ගත් බව ගුවන්තොටුපල රේගුව සඳහන් කරයි.

ගමන්මලු රහිතව පැමිණෙන පර්යන්තයෙන් පිටවීමට උත්සාහ කිරීමේ දී ඇති වු සැකයක් හේතුවෙන් රේගු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සැකකරු පරීක්ෂාවට ලක් කර ඇත. එහිදී ඔහුගේ ගමන් මල්ලේ තිබු මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර සැකකරු මීට පෙර අවස්ථා කිහිපයක දී ද දිවයිනට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇත.

සිදුධිය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රේගුව පරීක්ෂණ සිදුකරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා