චොක්ලට් එකේ බ්ලේඩ් තලය එළියට ගත්තේ සැත්කමකින්

චොක්ලට් එකේ බ්ලේඩ් තලය එළියට ගත්තේ සැත්කමකින්

පාරිභෝගික අධිකාරිය නිෂ්පාදන සමාගමට සීල් තබයි

මෙරට ප්‍රධාන පෙළේ චොක්ලට් නිෂ්පාදනය කරන සමාගමක නිෂ්පාදිත චොක්ලට් වර්ගයක බ්ලේඩ් තලයක් තිබී එය අනුභව කළ පුද්ගලයකුගේ සිරුර තුළට යෑමෙන් බරපතළ කැපීම් සහිත තුවාල ඇතිවී ම නිසා රෝහල්ගත කැර තිබේ.

පාරිභෝගික අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා ප්‍රකාශ කෙළේ මෙම අනතුරුදායක තත්ත්වයට පත්ව සිටින්නේ පාරිභෝගික අධිකාරියේ ප්‍රධාන පරිගණක නිලධාරියා බවයි. ඔහු පෙරේදා (20) රාත්‍රියේ මිනුවන්ගොඩ ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳ සලකින් චොක්ලට් එක මිලදී ගෙන තිබේ.

නිවසේ දී දරුවන්ට ද බෙදා ඔහුද ඉන් කොටසක් අනුභව කැර ඇත. එහි තිබූ බ්ලේඩ් තලය කැඩී ඉන් කොටසක් ගිලුන අතර ඉතිරි කොටස දත්වල රැඳී තිබේ. අනතුරුව ඔහු දැඩි වේදනාවට පත් කරමින් බ්ලේඩ් තලයේ කොටස් සිරුර පුරා ගමන් කැර තිබේ.

ඔහුගේ මුඛය, උගුර, ඇතුළු ශරීර අභ්‍යන්තරයේ කැපීම් තුවාල රැසක් සිදුවී ඇත. ඔහු දැනට කොළඹ මහ රෝහලේ 22 වාට්ටුවට ඇතුළත් කිරීමෙන් පසු විශේෂ ශල්‍යකර්මයකට ද ලක්කර තිබේ.

ඊයේ පස්වරු වන තෙක්ම එම බ්ලේඩ් තල කොටස සිරුරෙන් ඉවත් කිරීමට නොහැකිව තිබිණි. එම චොක්ලට් නිෂ්පාදිත සමාගමට සීල් තැබීමට පාරිභෝගික අධිකාරිය ඊයේ (21) පියවර ගෙන තිබුණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා