සැන්ඩි කුණාටුවට ‍බියෙන් අමෙරිකාව නොසන්සුන්

සැන්ඩි කුණාටුවට ‍බියෙන් අමෙරිකාව නොසන්සුන්

කැරිබියන් දූපත්වලට කඩා වැදි 25 දෙනෙකුට පමණ මරු කැඳවු සැන්ඩි කුණාටුව වර්ජීනියා සහ මැසචුසෙට්ස් නගර අතර ස්ථානයකින් අඟහරුවාදා අමෙරිකාවේ නැ‍ඟෙනහිර වෙරළට කඩා වදිනු ඇතැයි අනාවැකි පළකර තිබේ . මේ නිසා ප්‍රදේශවාසීන් ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීමටත්, ආරක්ෂිත ස්ථාන කරා යාමටත් සෙනසුරාදා සිටම ආරම්භ කර තිබේ.

මේ අතර අමෙරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 6 වෙනිදායි. ඒ හේතුවෙන් අවසන් මොහොතේ දියත්කරන ප්‍රබල මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට ද දැඩි බලපෑම් ඇති කර තිබෙන බව වාර්තා වේ. අමෙරිකාවේ ජාතික කුණාටු මධ්‍යස්ථානය පවසන අන්දමට එය අංක එකේ නිවර්තන කුණාටුවත් වන අතර සුළඟේ වේගය පැයට කි .මී .120ක් පමණ වනු ඇත. මේ කුණාටුව හේතුවෙන් උතුරු කැරලිනා ප්‍රදේශයට සෙනසුරාදා සිටම බලපෑම් ඇතිවි තිබේ.

මේ හේතුවෙන් එහි බලපෑමට ලක්වන ප්‍රදේශයන්හි දැඩි වර්ෂාව, ප්‍රබල සුළං , ජල ගැලීම් සහ හිමපතනය සිදුවිය හැකි බවට ෆෙඩරල් හදිසි අවස්ථා කළමනා කරණ ඒජන්සිය අනතුරු අඟවා තිබේ .

මේ කුණාටුව හයිටි රාජ්‍යයට බදාදා කඩාවැදුණු අවස්ථාවේදි ප්‍රද්ගලයන් 44 දෙනෙක් මියගොස් ඇති අතර ජැමෙයිකාවේදි එක් අයෙක් ද ඩොමිනිකන් ජනරජයේ සහ බහාමාස් හි කිහිපදෙනෙක් ද මියගොස් ඇතැයි වාර්තා වේ .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා