ඉන්දීය අගමැති මන්මොහන් සිං කැබිනට් සංශෝධනයකට සැරසේ

ඉන්දීය අගමැති මන්මොහන් සිං කැබිනට් සංශෝධනයකට සැරසේ

ඉන්දීය අගමැති මන්මොහන් සිං දූෂණ චෝදනා මත අපකීර්තියට පත් සිය කැබිනට් මණ්ඩලය ඊයේ සංශෝධනය කිරීමට සුදානමින් සිටියේය. වසර 2014 මුලදි ඉන්දියාවේ මහ මැතිවරණය පැවැත්විමට නියමිතය. ලාබාල මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුටම ඉන්දිය අගමැතිවරයා අමාත්‍ය ධූර පිරිනමනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර නේරු ගාන්ධි පරපුරේ ප්‍රබල කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධිගේ පුත් රහුල් ගාන්ධි ද වන බව සඳහන් වේ .

නව අමාත්‍යවරුන් ඊයේ උදේ ජනාධිපති මාළිගයේදි දිවුරුම් දීමට නියමිත විය.

මේ අතර පාලක කොංග්‍රස් පක්ෂයේ දැවැන්තයෙක් වූ 50 වසරක් පමණ දේශපාලනයේ නියැලි සිටි 80 හැවිරිදි විදේශ කටයුතු අමාත්‍ය එස්. එම්. ක්‍රිෂ්ණා සිකුරාදා සිය ධූරයෙන් ඉල්ලා අස්විය.

කැබිනට් සංශෝධනයට ඉඩකඩ සලසමින් ප්‍රවෘත්ති, සමාජ සාධාරණ සහ සංචාරක යන ඇමතිවරුන් තිදෙනාද ඉල්ලා අස්වීමට නියමිත විය .

ට්‍රිනාමුල් කොංග්‍රසය පාලක සභාග රජයෙන් ඉවත්විමත් සමඟ ඊට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි විමත් , දූෂණ චෝදනා සහ ආර්ථික අර්බුද හේතුවෙන් ඉන්දීය පාලක කොංග්‍රසය මේවන විට පසුවන්නේ අසීරු තත්ත්වයකය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා