යුක්රේනයේ පාර්ලිමේන්තු මැතිවරණයට විපක්ෂ නායිකා ජූලියාට අවස්ථාවක් නෑ

යුක්රේනයේ පාර්ලිමේන්තු මැතිවරණයට විපක්ෂ නායිකා ජූලියාට අවස්ථාවක් නෑ

යුක්රේනයේ පාර්ලිමේන්තු මැතිවරණය ඊයේ පැවැත්විණි. දැනට සිරගත කොට සිටින එරට විපක්ෂ නායිකා ජූලියා ටයිමොෂෙන්කෝට මැතිවරණයට ඉදිරිපත් විමට අවස්ථාවක් ලැබුණේ නැත .

රුසියන් භාෂාව කථා කරන අය වෙසෙන නැඟෙනහිර ප්‍රදේශවල සිට යුක්‍රේන් භාෂාව කථා කරන අය වෙසෙන බටහිර ප්‍රදේශ දක්වා ව්‍යාප්ත වන මේ මැතිවරණය නිරීක්ෂණය කිරීමට විදේශීය නිරීක්ෂකයන් 3700ක් පමණ පැමිණ ඇත . බටහිර ප්‍රදේශවල බහුතරය විරුද්ධ පාක්ෂික ආධාරකරුවන් ලෙස සැලකේ .

මේ මැතිවරණය ජනාධිපති යැන්යුකොවිච් සහ සභාග විපක්ෂය අතර සටනක් වන අතර පාලක පක්ෂයට ඡන්ද බහුතරයක් ලබාගත හැකිවනු ඇතැයි විශ්ලේෂකයෝ මත පළ කරති.

කෙසේවෙතත් ටයිමොෂෙන්කෝගේ විපක්ෂය සහ යූ.ඩී.ඒ.ආර්. පක්ෂයේ විටාලි ක්ලිට්ස්චිකෝගේ පක්ෂය එක්වි දුර්වල සභාග රජයක් පිහිටුවිමේ ඉඩකඩක් ද පවතින බව සඳහන් වේ.

මුල්ම ඡන්ද ප්‍රතිථලය සදුදා උදෑසන වන විට නිකුත් වනු ඇතැයි අපේක්ෂිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා