ජපානය-දකුණු කොරියා දූපත් අරගලයට හේතු වූ කඳු මුදුන්වලට අලුත් නම්

ජපානය-දකුණු කොරියා දූපත් අරගලයට හේතු වූ කඳු මුදුන්වලට අලුත් නම්

ජපානය සහ දකුණු කොරියාව අතර මතභේදයට ලක්වි ඇති දූපත් පෙළේ කඳු මුදුන් යළිත් නම් කිරීමට දකුණු කොරියාව සුදානම් වේ. එය දකුණු කොරියාවේ ස්වෛරීබව රැක ගැනිමටයි.

මේ දූපත් පෙළේ අයිතිය පිළිබඳ දසක ගණනාවක් පුරා දෙරට අතර අරගලයක් පවති . එය උත්සන්න වූයේ පසුගිය ගිම්මානයේ දීයි .

ඒ ඩොක්ඩෝ නමින් හඳුන්වන මේ දූපතේ අගෝස්තු මාසයේදි දකුණු කොරියන් ජනාධිපති සංචාරය කිරීමත් සමඟයි . ජපානය මේ දූපත හඳුන්වන්නේ ටකිෂීමා යනුවෙනි . මේ සංචාරය ප්‍රොකෝපකාරී එකක් බව ජපානය කියයි.

මේ අනුව ප්‍රධාන කඳු මුදුන් දෙකක් උසාන් සහ ඩෙහාන් වශයෙන් නම් කරණු ඇත . මේ නම් පෙළ පොත්වලට , අන්තර් ජාලයට සහ සිතියම්වලට ඇතුළත් කිරිමට කටයුතු කර තිබේ .

නැ‍ඟෙනහිර චීන මුහුදේ දුපත් පෙළක් සම්බන්ධයෙන් ජපානය චීනය සමඟත් අරගලයක පැටලී සිටී .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා