කැකිරාව පොලිසිය වාහන අනතුරු අවම කිරීමට දැනුවත් කිරීමේ සැසි අරඹයි

කැකිරාව පොලිසිය වාහන අනතුරු අවම කිරීමට දැනුවත් කිරීමේ සැසි අරඹයි

වාහන අනතුරුවලදී ප්‍රථම ස්ථානය දිනාගෙන ඇත්තේ ඉන්දියාවේ නිෂ්පාදිත යතුරු පැදියි. මේවායින් අධික වේගයෙන් යාමට හැකිවීමත් හදිසියකදී වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමත් නිසා වාහන අනතුරුවලදී මෙම යතුරුපැදි මුල් තැන ගෙන ඇතැයි කැකිරාව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක මාෂල් මහීපාල මහතා පැවැසීය.

මේ හදිසි අනතුරුවලට බොහෝ විට ගොදුරු වී ඇත්තේ වයස අවුරුදු 15 – 20 අතර පිරිස බව කරන ලද සමීක්‍ෂණයකින් එළිදරව් වී ඇතැයි ඒ මහතා පැවැසීය.

මීළඟට වාහන අනතුරුවලට මුල් වී ඇත්තේ ත්‍රීවිල් හා බට්ටා ලොරියි. මේවා රාත්‍රි කාලයේ ගමන් කරද්දී රථවල විදුලි ලාම්පු ඩිම් නොකිරීම නිසා ඉදිරියෙන් එන වාහන පදවන රියැදුරන්ට ගිනි කණ වැටීම නිසා හදිසි අනතුරු ඇති වීමට හේතු වී තිබෙන බැව් පිළිගෙන ඇත.

මේ වාහන හා මහාමාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් කැකිරාව පොලිස් බල ප්‍රදේශයේ පාසල් දරුවන්, රියැදුරන්, සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමේ සැසි මේ වසරේ මුල් කාර්තුව තුළ පැවැත්වීමට සැලැසුම් කර ඇතැයි රථවාහන අංශයේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක මාෂල් මහීපාල මහතා පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා