පොල්කටුවෙන් විසිතුරු නිර්මාණ කොට රටට ආදායම් උපයාදෙන මාතර ළඳුන්

පොල්කටුවෙන් විසිතුරු නිර්මාණ කොට රටට ආදායම් උපයාදෙන මාතර ළඳුන්

පොල්කටුවලින් විසිතුරු භාණ්ඩ නිපදවීමට

පුහුණුව ලබමින්

ඉවත දමන පොල්කටුවලින් විසිතුරු අත්කම් නිර්මාණ කොට ඒවා සංචාරක හෝටල් හා වෙනත් ප්‍රදර්ශනාගාරවල තබා පිටරැටියනට විකුණා විදේශ විනිමය උපයන කාන්තාවන් පිරිසක් මාතර සිටිති.

සාමාන්‍ය වශයෙන් මේ අංශයේ ස්වයං රැකියාවල නියුතු පිරිස හත්සිය පනහකට අධිකය.

කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් ඔවුන්ට පොල්කටුවලින් විසැරු අත්කම් නිර්මාණ කරන්නට විශේෂ පුහුණුවක් ලබාදී තිබිණි.

එම පුහුණුවෙන් දෙමසකට පසු ඔවුන්ට සිය පළමු ප්‍රදර්ශනය තබන්නට අවස්ථාවක් ලැබිණි. එම නිර්මාණ උසස් තත්ත්වයේ තිබිණි.

අලංකාරයෙන්ද ඉහළය. පළමු ප්‍රදර්ශනයේදී එම නිෂ්පාදනවලින් වැඩි ප්‍රමාණයක් අලෙවි විය.

ඉන්පසු ඔවුන් තම ස්වයං රැකියා ව්‍යාපාරය තවත් ව්‍යාප්ත කරමින් මනා සංවිධානයක් යටතේ පවත්වාගෙන ගියෝය.

නිෂ්පාදන භාණ්ඩ

ඡායාරූප- මාතර සංචාරක

එහි ප්‍රතිඵලයක් වශයෙන් අද වනවිට මේ පොල්කටු විසිතුරු නිෂ්පාදන අංශයේ ස්වයං රැකියාවේ නිරත සාමාජික සංඛ්‍යාව 1200 දක්වා වැඩිවී ඇත.

අද වනවිට පොල්කටුවලින් විවිධ විසිතුරු අත්කම් භාණ්ඩ නිෂ්පාදනය කිරීමට ඔවුන්ට හැකිවී ඇත.

මේ නිෂ්පාදනවලින් වැඩි ප්‍රමාණයක් විදේශීය වෙළඳ පොළ සඳහා යැවේ. මෙරටට පැමිණෙන සංචාරකයන්ද ඔවුන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමට පෙළෙඹී සිටිති.

එනිසා ඔවුන්ගේ ආදායම ඉහළ මට්ටමක තිබේ.දේශීය වශයෙන්ද ඔවුන්ගේ භාණ්ඩවලට හොඳ වෙළඳ පොළක් අද තිබේ.

මාතර කාන්තාවන් විසින් ආරම්භ කළ මේ ස්වයං රැකියා ව්‍යාපාරයට දැන් දැන් පිරිමි පක්‍ෂය පවා සම්බන්ධවීමට පටන්ගෙන තිබේ. ඒ තරමට පොල්කටුවෙන් විස්කම් මැවීමට හැකියාව ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා