රාළහාමි ජීවිතයක් බේරා ගනී

රාළහාමි ජීවිතයක් බේරා ගනී

ජනවාරි පළමු වැනිදා ප. ව. 3.00 ට පමණ කළුතර බෝපිටිය ඉදිරිපිට කළු ගඟට පැන සිය දිවි නසා ගැනිමට තැත්කළ මන්ද මානසික පුද්ගලයෙකුගේ ජීවිතය බේරා ගැනීමට දකුණු කළුතර පොලිස් ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි, බුද්්ධි අංශයේ නිලධාරියෙකුගේ ක්‍ෂණික මැදිහත් වීම නිසා හැකිවූ බව එම දකුණු කළුතර පොලිස් මූලස්ථානයෙන් වාර්තා වේ.

දකුණු කළුතර ඓතිහාසික බෝධිය වන්දනා කරමින් සිටි පිරිසකගෙන් ලැබුණු තොරතුරකට අනුව, වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියා, තම රථවාහන හා මුර සංචාරක රාජකාරිය ද අත්හැර දමා ගඟට පැනීමට තැත් කළ පුද්ගලයා ඉවතට ඇදලා නොගත්තේ නම් ඒකාන්තයෙන්ම ඔහුගේ ජීවිතය විනාශ වීමට ඉඩ තිබුණි.

මෙසේ ජීවිතයක් බේරා ගැනීමට කැප වුණේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ දකුණු කළුතර මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරන අජිත් ශාන්ත (පී.එස්. 34613) නිලධාරි මහතාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා