දස්කම් දැක්වූ සිසු සිසුවියන්ට සහතික පත්

දස්කම් දැක්වූ සිසු සිසුවියන්ට සහතික පත්

කෑගල්ල සංස්කෘතික මධ්‍යස්ථානයේ වාර්ෂික පුහුණුව ලැබූ සිසු සිසුවියන් තුන්සිය දෙනෙකුට සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයක් එම රංගන ශාලාවේදී ජාතික උරුමයන් පිළිබඳ ඇමැති ආචාර්ය ජගත් බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙම මධ්‍යස්ථානය මගින් පාසැල් හැරගිය සහ පාසැල් සිසු සිසුවියන් සඳහා උඩරට – පහතරට නැටුම්, දෙමළ භාෂාව, බෙර වාදනය, ආයුර්වේදය, නව නිර්මාණ අත්කම්, පෙරදිග සංගීතය, භාරත නැටුම් චිත්‍ර, අත්කම් සූප ශාස්ත්‍ර රූපලාවන්‍ය පාඨමාලා පැවැත්විණි.

තවද මෙහිදී දරු දැරියන් රංගන කුසලතාවයන්ද ඉදිරිපත් කළ අතර ඒ සඳහාද ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කිරීම සිදුවිය.

නව නිර්මාණ සහ අත්කම් නිර්මාණ ප්‍රදර්ශනයක්ද මෙහිදී පැවැත්විණි. ජාතික උරුමයන් පිළිබඳ ඇමැති ආචාර්ය ජගත් බාලසුරිය මහතා, රටක් රඳාපවතින්නේ සංස්කෘතිය මතයි. ඒ සඳහා මේ මධ්‍යස්ථාන ආරක්ෂා කළ යුතුයි.

1998 මෙම මධ්‍යස්ථානය එවකට ඇමැතිව සිටි ලක්ෂ්මන් ජයකොඩි මහතා මෙම මධ්‍යස්ථානය ආරම්භ කළා. 1977 දී මෙම රංග පීඨය කේ. ජයතිලක මහතා විවෘත කළා.

වටිනා වෘක්ෂවලින් වටවී ඇති මෙම මධ්‍යස්ථානය ජාතික උරුමය පිළිඹිබු වෙනවා. මෙම මධ්‍යස්ථානය අසල දිසාපති කාර්යාලය ඉදිකරනවා.

එනිසා මෙම මධ්‍යස්ථානයද අලංකාර කළ යුතුයි. තව පැත්තකින් අතුරු මාර්ගය එනවා. එවිට මෙම ස්ථානය නැරඹීමට විදේශිකයින් පවා එනවා. එනිසා සංස්කෘතික මධ්‍යස්ථානය අදාළ බලධාරින් සමඟ සාකච්ඡා කරලා මෙම ස්ථානය දියුණු කිරීමට කටයුතු කරනවා.

බරගමුව පළාත් සභා මන්ත්‍රී තාරක බාලසූරිය, කෑගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ශ්‍රියන්ත පීරිස් මධ්‍යස්ථාන සාමාන්‍යාධිකාරී ශ්‍රියානි ජයවීර, ගලිගමුව ප්‍රාදේශීය සභා උප සභාපති අශෝක මහානාම යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා