රණවිරුවන් දෙදෙනකුට නිවාස පරිත්‍යාග කරයි

රණවිරුවන් දෙදෙනකුට නිවාස පරිත්‍යාග කරයි

ක්‍රියාන්විත රාජකාරියේ දී ත්‍රස්ත ප්‍රහාරවලින් ආබාධිත තත්ත්වයට පත් රණවිරුවන් දෙදෙනකුට නිවාස දෙකක් ඉදිකර පරිත්‍යාග කිරීමේ උත්සවයක් පසුගියදා පැවැත්විණි.

මෙම නිවාස මීගොඩ වික්ටර් ජයසූරිය සහ රාජා ජයසූරිය යන දෙසොහොයුරන් විසින් ලක්ෂ 40ක් පමණ වැය කර ඉදිකර පරිත්‍යාග කරන ලදී.

2008 ජනවාරි 14 වැනි දින ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටිය දී මඩු දේවස්ථාන භූමිය අසල දී සතුරු වෙඩි ප්‍රහාරයකට ලක්ව ආබාධිත වූ ශ්‍රී ලංකා පාබල හමුදාවේ ලාන්ස් කෝප්‍රල් කේ. එච්. රත්නසිරි රණවිරුවාට සහ 2009 මාර්තු 29 වන දින මුලතිව් හිදී සතුරු ප්‍රහාරයකින් ආබාධිත වූ ලාන්ස් කෝප්‍රල් කේ. පී. එන්. සෙනෙවිරත්න රණවිරුවාට මෙම නිවෙස්වල අයිතිය පවරනු ලැබීය.

ශ්‍රී ලංකා පාබල හමුදා වනිතා ඒකකයේ සභාපතිනි ධනංජය කරුණාසේන සහ ගැමුණු හේවා, වනිතා ඒකකයේ අමිතා වන්නිආරච්චි මහත්මීන් නිවාස දෙක විවෘත කරනු ලැබීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ ශ්‍රී ලංකා ගැමුණු සේවා බළකායේ උසස් නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා