24 ලක්ෂයක් උපයයි

24 ලක්ෂයක් උපයයි

දොම්පේ පොලිසියේ රථවාහන අංශය මගින් පසුගිය වසරේ දී නිකුත් කරන ලද දඩ පත් ඇතුළුව පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත විවිධ චෝදනා යටතේ ඉදිරිපත් කොට වැරදිකරුවන් වූ රියැදුරන්ට රුපියල් විසි හතර ලක්ෂ විසි දෙදහස් හාරසිය පනහක දඩ මුදලක් නියම කර ඇත.

මේ අනුව දඩපත් වලින් රුපියල් පහළොස් ලක්ෂ හැට එක් දහස් හයසිය පනහක දඩ මුදලක් සහ අධිකරණයෙන් රුපියල් අට ලක්ෂ හැට දහස් අටසියක දඩ මුදලක් රජයට මෙසේ ආදායම ලෙස ලබා දී තිබේ.

බීමත්ව රිය පැදවීම, රිය අනතුරු, අනවසරයෙන් සතුන් සහ දැව ප්‍රවාහනය කිරීම, සහ පොලිස් අණ නොතකා රිය ධාවනය කිරීම ඇතුළු විවිධ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් රියැදුරන්ගෙන් එම දඩ මුදල් ලැබිණි.

මෙයින් රුපියල් පන් ලක්ෂ හැත්තෑ අට දහස් එකසීයක මුදලක් බීමත්ව රිය පදවා අත්අඩංගුවට ගත් රියැදුරන්ගෙන් ලැබුණු දඩ මුදල්ය.

මේ අතර පසුගිය වසර තුළ රිය අනතුරු 129 ක් සිදු වී තිබෙන අතර එයින් 15 ක් මාරක රිය අනතුරු වේ.

මෙය දොම්පේ පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් සිය පොලිස් බල ප්‍රදේ්ශයේ ධාවනය වන රථවාහන දැඩි පරීක්ෂාවට ලක් කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද වැඩපිළිවෙළේ සාර්ථක ප්‍රතිඵලයෙකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා