ගම්පහ පාරිභෝගික අධිකාරියේ වැටලීමක දී නීති කැඩූ වෙළෙන්දෝ 174ක් අත්අඩංගුවට

ගම්පහ පාරිභෝගික අධිකාරියේ වැටලීමක දී නීති කැඩූ වෙළෙන්දෝ 174ක් අත්අඩංගුවට

ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික ආරක්‍ෂණ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් පසුගිය 2012 දෙසැම්බර් 15 සිට 31 දක්වා සති දෙකක කාලයක් ඇතුළත දී ගම්පහ, මහර, මීගමුව, අත්තනගල්ල, වත්තල, යන ප්‍රදේශයන් හි වෙළෙඳසල් වටලා මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර, කල් ඉකුත් වූ ආහාර, සහ පාරිභෝගික ආරක්‍ෂණ අධිකාරියේ නියෝගවලට පටහැනි අයුරින් භාණ්ඩ අළෙවි කළ වෙළෙඳුන් 174 කට එරෙහිව නඩු පැවරීමට කටයුතු යොදා ඇත.

වැරැදිකරුවන්ට ඒ ඒ ප්‍රදේශයන්ට අදාළ අධිකරණයන්ට ඉදිරිපත් වීමට නොතීසි යවා ඇති අතර නඩු විභාගය ද පැවැත්වීමට නියමිත බැව් ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික ආරක්‍ෂණ අධිකාරියේ ප්‍රකාශකයෙක් “දිනමිණ” ට පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා