උතුරු කොරියා කර්මාන්තපුරයෙන් දකුණු කොරියා සේවක කණ්ඩායම් පිටවෙයි

උතුරු කොරියා කර්මාන්තපුරයෙන් දකුණු කොරියා සේවක කණ්ඩායම් පිටවෙයි

උතුරු කොරියාවේ ඒකාබද්ධ කර්මාන්ත පුරයෙන් දකුණු කොරියාවේ අවසන් සේවක කණ්ඩායම ඉවත් කරගැනීම ඊයේ සිදුවනු ඇතැයි පැවසී තිබිණ. මෙය දෙරට අතර දේශසීමාන්තර සහ‍යෝගිතාවයේ විරල සංකේතයක්ව පැවති අතර කොරියානු අර්ධද්වීපයේ හටගත් නොසන්සුන් වාතාවරණය මත මේ සහයෝගිතාව දැන් බිඳවැටී ඇත.

කොරියානු දෙරට අතර සබඳතා පැවැත්මේ අවසන් පුරුක මෙන්ම උතුරු කොරියවේ මූලික ආදායම් මාර්ගයක්ව පැවති මේ කයේසොන් ඒකාබද්ධ කර්මාන්ත කලාපය ස්ථිර වශයෙන්ම වසා දැමෙනු ඇතැයි පුරෝකතනය කෙරී තිබේ.

දකුණු කොරියානු සේවක පිරිස් ඉවත්කර ගැන්ම ගැන දකුණු කොරියානු සමාගම් විමතිය පලකර ඇති අතර ඉකුත් සෙනසුරාදා සේවකයින් 126 දෙනකු පොදි බැඳගෙන කලාපයෙන් පිටවනු දක්නට ලැබී තිබිණ.

අවසාන 50 දෙනා ලෙස කලාපීය පාලනය ගෙනගිය රජයේ සේවකයින් ටෙලිකොම් හා විදුලි ඉංජිනේරුවන් එහි රැඳී සිටි අතර ඊයේ එම පිරිසද දේශසීමාව තරණය කරමින් දකුණට පැමිණෙනු ඇතැයි පැවසී තිබිණ.

උතුරු කොරියාව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම හෝ කර්මාන්ත කලාපය යළි විවෘත කිරිම හෝ ප්‍රතක්ෂේප කර තිබේ. එහෙත් දකුණෙන් පැවසෙන්නේ සංවාදය සඳහා දොරටු විවර කර ඇති බවය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා