උද්ධමනය තවත් පහළට

උද්ධමනය තවත් පහළට

මහ බැංකුව කියයි

ආර්ථික වර්ධනයේ යහපත් ප්‍රවණතාව හේතුවෙන් උද්ධමනය තව දුරටත් පහත වැටී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ගණනය කරන කොළඹ පාරිභෝගික මිල දර්ශනයට අනුව ලක්ෂ්‍යමය පදනම මත පසුගිය මාර්තු මාසයේ පැවැති සියයට 7.5ක උද්ධනමය අප්‍රේල් මාසය අවසන් වනවිට සියයට 6.4 දක්වා පහත වැටී තිබෙන බව එම බැංකුව පෙන්වා දෙයි. වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමනය ගණනය කිරීමේ දී එය පසුගිය මාර්තු මාසයේ දී වාර්තා කළ සියයට 8.8 අගය අප්‍රේල් මාසය අවසන් වනවිට ද එලෙසින්ම වාර්තාකර තිබේ.

මේ අතර මහ බැංකුව පෙන්වා දෙන්නේ ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය පසුගිය මාර්තු මාසයේ දී සියයට 6.8ක අගයක් ලත් බවත් එය අප්‍රේල් මාසය අවසන් වනවිට සියයට 6.1 දක්වා පහත වැටී තිබෙන බවත් ය.

මෙය වාර්ෂික සාමාන්‍ය පදනම මත පසුගිය මාර්තු මාසයේ පැවැති සියයට 6.4ක අගය අප්‍රේල් මාසය අවසන් වනවිට සියයට 6.5 දක්වා තරමක ඉහළ යාමක් පෙන්නුම් කරන බවද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා