විදුලි බිලෙන් ඒකක 60-180 දක්වා ඉන්ධන ගැළපුම් ගාස්තුව 25% කින් අඩුවේචමීර ඇල්ලදෙණිය

විදුලි බිලෙන් ඒකක 60-180 දක්වා ඉන්ධන ගැළපුම් ගාස්තුව 25% කින් අඩුවේ

ඉහළ දැමූ විදුලිබිල ජනාධිපතිවරයාගේ නියමයෙන් අඩු කිරීමට පියවර ගත් බව විදුලිබල අමාත්‍යාංශ ලේකම් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා පවසයි.

ඒ අනුව ඒකක 60 දක්වා විදුලි බිලෙහි වැඩි වීමක් සිදුනොවන බව පවසන ෆර්ඩිනෑන්ඩු මහතා ඒකක හැට එකේ සිට එකසිය අසූ එක දක්වා වන ඉන්ධන ගැළපුම් ගාස්තුව 25% කින් අඩු කිරීමට තීරණය කර තිබෙන බවද කීවේය.

ඒකක හැට එකේ සිට ඒකක හැට හය දක්වා ඒකක හැටේ ගාස්තුව අය කිරීමටද, ඒකක අනූ එකේ සිට අනූ හය දක්වා ඒකක අනූවේ ගාස්තුවද අය කිරීමට නියමිතය.

එමෙන්ම ඒකක එකසිය විසි එකේ සිට ඒකක එකසිය විසිහය දක්වා අය කරන්නේද ඒකක එකසිය විස්සේ ගාස්තුව පමණක් බව අමාත්‍යාංශ ලේකම් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා වැඩි දුරටත් පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා