අසාද් සාලි අත්අඩංගුවට

අසාද් සාලි අත්අඩංගුවට

රහස් පොලිසියට ලැබුණු පැමිණිලි කීපයක් ගැන පරීක්ෂණ

කොළඹ හිටපු නියෝජ්‍ය පුරපති අසාද් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (02) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුට විරුද්ධව ‍රහස් පොලිසියට ලැබුණු පැමිණිලි කීපයක් සම්බන්ධයෙන් අසාද් සාලි මහතා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ගාමිණී මතුරට මහතා පැවසීය. කොළොන්නාවේ පිහිටි ඔහුගේ නිවසේ දී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් මූලධර්මවාදී කණ්ඩායම් සමඟ මොහු යම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන්නේද යන්න සැක කරයි.

කැරලිකාර යම් යම් ක්‍රියාකාරකම්වල යෙදෙන්නන් සමඟ කිසියම් ආකාරයක සබඳතාවක් පවත්වා ඇත්ද යන්න පිළිබඳවද පරීක්ෂණ අරඹා තිබේ.

විවිධ අංශ කීපයක් ඔස්සේ අසාද් සාලි මහතා පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි රහස් පොලිසිය වැඩිදුරටත් කීය.

ඔහු සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් කලක සිට පරීක්ෂණ පවත්වමින් සිටින රහස් පොලිසියට හෙළිවී ඇති යම් කරුණු කීපයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වන විට රහස් පොලිසියේ රඳවාගෙන මොහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යයි.

රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ විශේෂ කණ්ඩායමක් යොදවා අසාද් සාලි මහතා පිළිබඳ පරීක්ෂණ අරඹා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා