මැයි රැලියට පැමිණි ජන ගඟ බෙදුම්වාදී සෙවනැලිවලට අතුල් පහරක් වුණා

මැයි රැලියට පැමිණි ජන ගඟ බෙදුම්වාදී සෙවනැලිවලට අතුල් පහරක් වුණා

එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි රැලියට දස ලක්ෂ ගණන් ජනයාගේ පැමිණීම ජාතික හා ජාත්‍යන්තරව බෙදුම්වාදී සෙවනැලිවලට ලබාදුන් හොඳම අතුල් පහර බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා දිනමිණට ඊයේ (2) පැවැසීය.

මෙවර මැයි රැලිය හමුවේ අභියෝග දෙකක් තිබූ බව පෙන්වා දුන් ඇමැතිවරයා ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග හා ජාතික වශයෙන් ආණ්ඩු විරෝධී බලවේගවලට ජනතාව නිසි ප්‍රතිචාරය දැක්වූ බවද කීවේය. මෙවර මැයි රැලියේදී දස ලක්ෂ ගණනින් ජනතාවගේ සහභාගීත්වය නිසා මහින්ද රාජපක්ෂ නමැති නායකයා සමඟ මෙරට ජනතාව වැඩිමනක් සිටින බවට ලෝකයටම මතවාදයක් ගෙනයාමට හැකිවූ බවද අලහප්පෙරුම මහතා වැඩිදුරටත් කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා