ප්‍රශ්නවලින් හෙම්බත් වී සිටින තමිල්නාඩුව ලංකාවට වැඩක් දෙන හැටි හිතනවා

ප්‍රශ්නවලින් හෙම්බත් වී සිටින තමිල්නාඩුව ලංකාවට වැඩක් දෙන හැටි හිතනවා

ඇමැති පාඨලි චම්පික රණවක

නායකයන් විවේචනය කරන විට කුරුඳුපොලු වලින් පහර දී පන්නා දමන රටක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉවසිමේ ගුණය කාහටත් ආදර්ශයක් බවත් ජනතා ආකර්ෂණය ජනාධිපතිවරයාට දින දින වැඩි වන්නේ ඒ හේතුව නිසා බවත් තාක්ෂණ හා පර්යේෂණ ඇමැති පාඨලි චම්පික රණවක මහතා කීවේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජය තහවුරු කෙරෙන පයාගල හල්කඳවිල පැවැති ජන හමුවක් අමතමින් ඇමැතිවරයා එසේ කීය.

ඇමැතිවරයා මෙසේ ද කීය.

අපේ රණ විරුවන්ගේ යුද ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිතුමා ඉදිරිපත්වෙලා තියෙනවා. රණවිරුවා කළ විජග්‍රහණය වෙනුවෙන් පෙනී ඉන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය පමණයි. කැමරන්ට, ජයලලිතාට, වයිකෝට ජාතියේ පණිවිඩය අපි කියා දිය යුතුයි. මේවාට කරුණු කියන්න අපි හැමෝටම ජිනීවා යන්න බැහැ. අපේ ජනතාවට ඇමරිකාව කරන්න හදන දේට අපි ඡන්දයෙන් පිළිතුරු දෙමු.

තමිල්නාඩුවේ අද පැය අටක් ලයිට් කපනවා. දරුවන්ට කන්න බොන්න නැහැ. මිනිස්සු ජීවත්වෙන්නෙ හරි අමාරුවෙන් තමිල්නාඩුවේ කතාවෙන්නෙ ලංකාවට වැඩේ දෙන්නෙ කොහොමද කියලා. අද අලුත් අනතුරු බිහිවෙලා තියෙනවා. ප්‍රභාකරන් මැරුණාම අපි හිතුවා යුද්ධය ඉවරයි කියලා දැන් ආයෙත් බෙදුම්වාදයේ හිස එසවීමට උත්සහා කරනවා. උතුරේ මහ ඇමැති විවිධ කතා කියනවා.

මේ අවස්ථාවට බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රී තෙබුවන පියනන්ද හිමි, බේරුවල සංවිධායක සුමිත් නිෂාන්ත ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා