ස්නායු රෝගීන්ට ප්‍රතිකාර කරන්න හෝමාගමින් අලුත් රෝහලක්

ස්නායු රෝගීන්ට ප්‍රතිකාර කරන්න හෝමාගමින් අලුත් රෝහලක්

ස්නායු රෝග ප්‍රතිකාර රෝහලක් ඉදිකිරීම සඳහා මහරගම ආබාධිතයින් සඳහා වන ආරෝග්‍යා පදනමට හෝමාගම නි‍යලෙක් සොලිඩ් ඩිසයිනර්ස් ආයතනයේ අධිපති නිලන්ත උපුල් උදයකුමාර් බොතේජු සහ මද්දුමගොඩගේ ශ්‍යාමලී කුමාරි යන මහත්මා සහ මහත්මිය විසින් හෝමාගම පානලුව අංක 447 බී නැමැති පර්චස් 15 ක ඉඩම පරිත්‍යාග කරන ලදී.

විශේෂයෙන්ම ස්නායු ආබාධ ස්වාමීන් වහන්සේ සඳහා ඉදිවන මේ ස්නායු රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය සිංගප්පූරුවේ මවුන්ට් එළිසැබත් රෝහලේ විශේෂඥ වෛද්‍ය ප්‍රේම් පිල්ලේ මහතාගේ අධීක්ෂණය අනුව ඉදිවේ. මහරගම ආරෝග්‍ය පදනමට ඉඩමේ ඔප්පුව ඉකුත්දා අදාළ ඉඩමේදී භාර දෙන ලදී.

අදාළ වෛද්‍ය මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබීම මාර්තු මස 12 වැනි දින සිදුකිරීමට නියමිතය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා