නෑදෑයන්ගේ ඇඟිලි ගැසීම් නිසා ශ්‍රී ලංකාවේ දික්කසාද වැඩි වෙලා

 නෑදෑයන්ගේ ඇඟිලි ගැසීම් නිසා ශ්‍රී ලංකාවේ දික්කසාද වැඩි වෙලා

වරකාපොළ අධිකරණයේ විතරක් නඩු 12ක්

දික්කසාදවලට අද ප්‍රධාන හේතුවක් වී ඇත්තේ සැමියාගේ පාර්ශ්වයේ නෑදෑයින්ගේ ඇඟිලිගැසීම් යැයි වරකාපොළ මහේස්ත්‍රාත් සනත් ජේ. මොරවක මහතා කියා සිටියේය.

පසුගියදා වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ දික්කසාද නඩු 12ක් ම විභාගයට ගත් අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මේ බව හෙළි කළේය.

පවුලේ ප්‍රශ්න ඔවුනොවුන් අතර පමණක් විසඳා ගැනීමට ඉඩ නොදී නෑදෑයින් මැදිහත්වීමෙන් මෙම තත්ත්වය උදා වී ඇතැයි ද මහේස්ත්‍රාත්වරයා ඔවුන්ට අවවාද දුන්නේය.

මෙහිදී දික්කසාද නඩු කිහිපයකට පමණක් විසඳුම් ලබාදුන් සනත් ජේ. මොරවක මහතා ඉතිරි නඩු ඉදිරියට කල් තැබීය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා