රියෝ සැණකෙළියෙන් බ්‍රසීලය වර්ණවත් වෙයි

රියෝ සැණකෙළියෙන් බ්‍රසීලය වර්ණවත් වෙයි

ලොව විශාලතම සැණකෙළිය වශයෙන් සැලකෙන රියෝ සැණකෙළිය සෙනසුරාදා බ්‍රසීලයේ රියෝ නගරයේ ආරම්භ වී ඇත. බ්‍රසිල රජය සමඟ තිබු අමනාපකම් පසෙක ලා මිලියන සංඛ්‍යාත පිරිසක් ප්‍රීති ප්‍රමෝදයෙන් ඊට සහභාගිවු බව වාර්තා වේ. ළඟදි පැවැත්විමට නියමිත ලෝක පාපන්දු ක්‍රීඩා සැණකෙළිය වෙනුවෙන් අති විශාල මුදල් සම්භාරයක් වියදම් කරන්නේය යන චෝදනාව මත රජය සමඟ උරණ වී සිටින ජනතාව සැණකෙළිය නිමවන අඟහරුවාදා තෙක්වත් සියල්ල අමතක කර විරෝධතාකරුවන් සහ ජනතාව විනෝද විමට පටන්ගෙන ඇතැයි වාර්තා වේ .

මේ පස් දින සැණකෙළියට මිලියන හතරක පමණ ජනතාවක් සහභාගිවනු ඇතැයි රියෝ සංචාරක මණ්ඩලය පවසයි . මේ අතරවාරයේදි සැල්වදෝරයේ සැණකෙළි සිරිය 27 හැවිරිදි තරුණයෙක්ගේ ඝාතනය හේතුවෙන් බොඳවි ඇත. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන බව පොලීසිය පවසයි. සැණකෙළියේ ඔටුන්න හිමිකර ගැනිමට සම්බා නර්තන කණ්ඩායම් 12ක් අද දින තරඟ වැදීමට නියමිතය ..

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා