චීනයේ දුම්රිය පොළකට බෙදුම්වාදීන්ගෙන් ප්‍රහාරයක්

චීනයේ දුම්රිය පොළකට බෙදුම්වාදීන්ගෙන් ප්‍රහාරයක්

මගීන් 29ක් කපා කොට මරා දමලා 130කට තුවාල

චීනයේ සිංජියාන් බෙදුම්වාදීවන් දුම්රිය පොළක දී සිදුකළ ප්‍රහාරයකින් 29 දෙනෙක් මියගොස් 130 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි රඑට මාධ්‍ය වාර්තා කරයි . පිහි අමෝරාගත් ප්‍රහාරකයන් විසින් සිදු කළේ ඇස් ඇදහිය නොහැකි තරම් ම්ලේච්ඡ ක්‍රියාවක් බව සිද්ධිය ඇසින් දුටු‍ අය පවසා තිබේ .

යූනැන් ප්‍රාන්තයේ කුන්මින් දුම්රිය පොළට කඩාවැදී ඇත්තේ කළු ඇඳගත් පිරිසක් බවද සඳහන්ය. දුම්රිය ප්‍රවේශ පත්‍ර ලබා ගැනිමට පෙළ ගැසී සිටි අයට ඔවුන් ඉවක් බවක් නැතිව පිහි ප්‍රහාර එල්ල කර ඇත .

පොලිසියේ වෙඩි ප්‍රහාරවලින් හතර දෙනෙක් මිය ගොස් ඇත . ප්‍රහාරයට පැමිණි අනික් අය සොයා මෙහෙයුම් දියත් කර තිබේ . මුස්ලිම් උග්හුර් සුළුතරයක් වෙසෙන වයඹ දිග ෂින්ජුවාන් ප්‍රාන්තයේ අන්තවාදීන් විසින් මේ අමානුෂික ක්‍රියාව සිදු කර ඇතැයි කුන්මින් ප්‍රාන්ත රජය පවසයි .

ජගත් මහ ලේකම් බැන් කී මූන් විසින් මේ බිහිසුණු ක්‍රියාව ඉතා දැඩි ස්වරයෙන් හෙළා දැක ඇත . ප්‍රහාරයට වගකිව යුත්තන් වහා නීතිය ඉදිරියට පමුණුවා ඔවුන්ට නිසි දඬුවම් ලබා දිය යුතු බවටද ඔහු අවධාරණය කර තිබේ .

චීන රජය ස්වයං පාලනයක් ඉල්ලා සටන් වඳින බෙදුම්වාදීන්ට චෝදනා එල්ල කරන අතර උග්හුර් මානව හිමිකම් සංවිධාන පවසන්නේ චීන රජය ඔවුන් ආගමික සහ ආර්ථික වශයෙන් පාගා දමා ඇති බවයි .

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා