ඉන්දීයාවේ හිටපු යුද හමුදා ප්‍රධානි එරට විපක්ෂයට එක්වෙයි

ඉන්දීයාවේ හිටපු යුද හමුදා ප්‍රධානි එරට විපක්ෂයට එක්වෙයි

ඉන්දිය යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගිය හිටපු හමුදා ප්‍රධානි ජෙනරාල් වි.කේ සිං ප්‍රධාන විපක්ෂය වන හින්දු ජාතික භාරතිය ජනතා පක්ෂයට බැඳුණු බව සෙනසුරාදා ප්‍රකාශ කර ඇත. ඒ ළඟදිම පැවැත්වීමට නියමිත ඉන්දීය මහ මැතිවරණය ඉදිරියේ යි. හිටපු හමුදාපතිවරයාට විශ්‍රාම යාමට සිදුව ඇත්තේ ඔහුගේ වයස සම්බන්ධයෙන් හටගත් ආන්දෝලනයක් නිසයි .

ඉන්දිය ආරක්ෂක හමුදාව සම්ප්‍රධායක් වශයෙන් දේශපාලනයෙන් බැහැරව සිටී . හිටපු හමුදා නායකයා විශ්‍රාම ගියේ පසුගිය 2012 මැයි මාසයේදී යි . තම සේවා කාලය දීර්ඝ කර ගැනිමට උප්පැන්න සහතිකය ව්‍යාජ ලෙස වෙනස් කර තිබු බවට ඔහුට චෝදනා එල්ල විය .

ලබන මැයි මාසයේ දී පැවැත්වෙන ඉන්දිය මහ මැතිවරණයෙන් භාරතිය ජනතා පක්ෂය ජය ගනු ඇති බවට අනාවැකි පළවේ . ජාතික යහපත උදෙසා තිරසාර තිරණවලට එළඹිය හැකි ස්ථාවර රජයක් පිහිටුවීමට සහයෝගය දැක්වීම තම අභිලාසය බව සිං පවසා තිබේ .

සිං භාරතීය ජනතා පක්ෂයට එක්විමත් සමඟ මිලියන සංඛ්‍යාත හමුදා භටපිරිසකින් සමන්විත ඉන්දීය හමුදාවේ සහාය එම පක්ෂයට විශාල වශයෙන් දිනා ගත හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ . ඔහු සමඟ තවත් හිටපු හමුදා ප්‍රධානින් කිහිපදෙනෙක්ද භාරතීය ජනතා පක්ෂයට එක්වි ඇත

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා