ලෝක තරුණ සමුළුවේ ප්‍රථම විදේශීය තරුණ කණ්ඩායම අද දිවයිනට

ලෝක තරුණ සමුළුවේ ප්‍රථම විදේශීය තරුණ කණ්ඩායම අද දිවයිනට

එළඹෙන මැයි මස 06 සිට 10 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත තරුණයින් පිළිබඳ ලෝක සමුළුව සඳහා රාජ්‍ය මට්ටමින් සහභාගි වන ප්‍රථම නියෝජිත පිරිස අද (29) ප.ව. 02.05ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණීමට නියමිතය.

එසේ ප්‍රථම නියෝජිත පිරිස ලෙස සහභාගිවන්නේ මධ්‍යම දකුණු යුරෝපීය රටක් වන ස්ලෝවිනියා සමූහාණ්ඩුවේ නිල තරුණ පිරිසයි. ස්ලොවිනියානු සමූහාණ්ඩුවේ තරුණ ක්‍රියාකාරකම්වල ඉදිරියෙන්ම සිටින තරුණ නායකයින් දෙදෙනකු වන ජාඑක් ටීආ (Jare tea) හා මීහා මොහොර්කෝ (miha mohorko) යන අය මෙසේ අද දිවයිනට පැමිණෙන අතර තරුණයන් පිළිබඳ ලෝක සමුළුවට දින 07කට පෙර මොවුන් පැමිණෙන්නේ ශ්‍රී ලංකාවේ තරුණ කණ්ඩායම් හා තරුණ ක්‍රියාකාරීත්වය පිළිබඳව අධ්‍යයනයක් ද කිරීමට ය.

පූර්ව සමුළු සංවිධාන කටයුතු සඳහා ද ස්වේච්ඡාවෙන් සහභාගිවීමට ඔවුන් ඉල්ලීමක් කැර ඇති බැවින් ඒ සඳහා ඔවුන්ට අවස්ථාවක් ලබාදීමට ශ්‍රී ලංකා රජය සූදානම් බව තරුණයින් පිළිබඳ වූ ලෝක තරුණ සමුළුවේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා මාධ්‍යයට පැවසීය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා