සිරිපා වන්දනාකරු මහ ගිරිදඹෙන් වැටී මරුට

සිරිපා වන්දනාකරු මහ ගිරිදඹෙන් වැටී මරුට

සිරිපා වන්දනාවේ පැමිණි පිරිසක් හැටන් නල්ලතන්නිය මාර්ගය ඔස්සේ ගොස් සිරිපා කරුණාකැර ආපසු එමින් සිටියදී මහගිරිදඹේදී එක් අයෙකු පය ලිස්සා ඇදවැටීමෙන් මිය ගොස් ඇත.

අනතුරින් බරපතළ තුවාල ලත් අයෙකු මහගිරිද‍ඹ සිට පහළට රැගෙන විත් රෝහල්ගත කිරීම සඳහා ගිලන් රථයක් තුළට යොමු කරන අයුරු

ඔහු ඇද වැටෙන අවස්ථාවේ තවත් කිහිප දෙනෙකුගේද ඇගේ වැදීම නිසා ඔවුන්ද ඇද වැටීමෙන් තවත් තිදෙ‍නකු බරපතළ තුවාල ලැබ තිබේ.

අනතුර ඊයේ (28) අලුයම තුනට පමණ සිදුව තිබෙන අතර තුවාලකරුවන් දික්ඔය හා මස්කෙළිය රෝහල්වලට ඇතුළත් කර ඇත.

මියගිය පුද්ගලයා 82 වියේ පසුවන කේ.ඩී. උපතිස්ස නමැති අයෙකු බවට හඳුනාගෙන තිබේ. ඔහු අම්බලන්තොට පදිංචිකරුවෙකි.

මාතර ගොඩගම හත්තානගොඩ ප්‍රදේශයෙන් හා අම්බලන්තොට ප්‍රදේශයෙන් පැමිණි වන්දනා නඩ දෙකක් මෙසේ අනතුරට පත්ව තිබෙන බව පොලිසිය පවසයි.

අනතුරින් බරපතළ තුවාල ලත් 55 හැවිරිදි කාන්තාවක් දික්ඔය රෝහලේ සිට ඊයේ (28) දහවල් මහනුවර රෝහලට මාරුකර යවා ඇත.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා