වකුගඩු රෝගයට මුහුණ දුන් දිසාවල ජනතාවගේ පිහිටට

වකුගඩු රෝගයට මුහුණ දුන් දිසාවල ජනතාවගේ පිහිටට අධි තාක්ෂණ අධි පීඩන පෙරහණ යන්ත්‍ර හඳුන්වා දෙයි

වකුගඩු රෝගයට දරුණු ලෙස මුහුණ පා ඇති දිස්ත්‍රික්ක වල ජනතාව ඉන් බේරා ගැනීමේ අරමුණ ඇතිව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉකුත් අයවැයෙන් වෙන් කර දුන් රුපියල් මිලියන 900ක මුදල් ප්‍රමාණයක් යොදවා ජාතික ප්‍රජා ජල භාරය විසින් අධි තාක්ෂණයෙන් යුත් නවීන අධි පීඩක පෙරහණ යන්ත්‍ර හඳුන්වා දී තිබේ. ‍

මේ අනුව අනුරාධපුරය පොළොන්නරුව සහ කුරුණෑගල දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම අධි තාක්ෂණයෙන් යුත් අධි පීඩක ජල පෙරහණ යන්ත්‍ර හඳුන්වා දී ඇතැයි ජාතික ප්‍රජා ජල භාරයේ භාරකරු හර්ෂ සූරියආරච්චි මහතා 'දිනමිණ' කළ විමසීමකදී පැවසීය.

මෙම අධි පීඩක ජල පෙරහණ යන්ත්‍ර පවුල් 1000කට එකක් බැගින් මේ වන විටත් ලබාදී ඇති අතර සාමාන්‍යයෙන් මෙවැනි යන්ත්‍රයක් බදු නොමැතිව රුපියල් ලක්ෂ 6කට පමණ මුදලක් වන බවද හෙතෙම සඳහන් කළේය.

මෙම වැඩපිළිවෙළ සඳහා ජල සම්පාදන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහය ලැබී ඇති අතර ජල සම්පාදන අමාත්‍යාංශය ජල සම්පත් මණ්ඩලය හා ජාතික ප්‍රජා ජල භාරය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන බව හර්ෂ සූරියආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ඉදිරියේදී වකුගඩු රෝගයට මුහුණ පා ඇති අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා ද මෙම අධි පීඩක ජල පෙරහණ යන්ත්‍ර හඳුන්වාදීමට නියමිතව ඇතැයි පවසන ඒ මහතා මේ වන විට පවුල් ලක්ෂයකට පමණ සහනයක් ලැබී ඇතැයිද පැවසීය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා