‘මවුබිම රැකගමු නිදහස සුරකිමු’ එජනිස මැයි රැලිය කැම්බල් පිටියේ දී

‘මවුබිම රැකගමු නිදහස සුරකිමු’ එජනිස මැයි රැලිය කැම්බල් පිටියේ දී

‘මවුබිම රැකගමු-නිදහස සුරකිමු’ තේමාව ඔස්සේ දැවැන්ත පෙළපාලියක් හා යෝධ මැයි රැලියක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 8 බොරැල්ල කැම්බල් පිටියේ දී පැවැත්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය කටයුතු යොදා ඇත.

ඒ අනුව ‍කොළඹ 7 නෙළුම් පොකුණ මංසන්ධිය අසලින් මෙම පෙළපාලිය ආරම්භ වීමට නියමිත අතර මේ සඳහා පැමිණෙන ජනතාව අපහසුතාවට පත්නොකිරීමට විශේෂ වැඩපිළිවෙළක් පොලිසිය සමඟ එක්ව සකස් කර ඇතැයි එම සන්ධානයේ මැයි දින මෙහෙයුම් කමිටුවේ සභාපති ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා 'දිනමිණට' පැවැසීය.

ඒ අනුව එ.ජ.නි.ස.යට අයත් වෘත්තීය සමිති, තරුණ සමිති, කාන්තා සමිති බහුජන සංවිධාන හා නිල් බලකාය අතුළු තවත් සංවිධාන සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ඊට සම්බන්ධ අනෙකුත් දේශපාලන පක්ෂ නායකයන් පෙරටු කරගත් දැවැන්ත පෙළපාලිය බොරැල්ල කැම්බල් පිටිය දක්වා ගමන් කරනු ඇත. අනතුරුව මැයි රැලිය සවස 4ට අරම්භ කිරීමට නියමිතයි.

 

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා