දරුවයි බිරියයි මරා වළලන්න ගෙදර සාලයේ වළක් කපලා

දරුවයි බිරියයි මරා වළලන්න ගෙදර සාලයේ වළක් කපලා

මාසයක් වයසැති සිඟිති දරුවා සහ බිරිය මරා වැළලීමට නිවෙසේ සාලයේ වළක් කපමින් සිටි පුද්ගලයකුඊයේ(28) අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලීසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රයිගම, බැල්ලන්තුඩාවේ, කුරුඳුවත්ත පළමුවන පටුමගේ පදිංචි බී. රවීන්ද්‍ර කුමාර පෙරේරා(42) නමැති පුද්ගලයෙකි .

බීමත්ව බිරිය සමඟ දඹර කරගත් සැකකරු 27 දා උදෑසන සිට ඔවුන් මරා වළ දමා තමාත් මැරෙන බව පවසා බිරියට නිවෙසින් පිටවීමට ඉඩ නොදී වළ කපා ඇති අතර 28 දා දහවල් සැකකරුගෙන් කෙසේ හෝ මිදුණු බිරිය දරුවා නිවෙසේ දමා පොලීසියට දුව විත් සිද්ධිය පවසා ඇත.

පොලීසිය යන විට නිවෙසේ අඩි 5 1/2 ක් දිග අඩි 3ක් පළල අඩි 2ක් ගැඹූරු වළක් කපා ඉවත් කරන ලද පස් වළ වටේ දමා ගෙල වැලලා ගැනීමට බාල්කයේ ලණුවක් ද ගැට ගසා තිබී ඇති අතර දරුවා බේරා ගෙන පොලීසියට රැගෙන ඒමට පොලීසිය කටයුතු කර ඇත. මිල්ලනිය පොලිස් ස්ථානාධිපති පො .ප.උදයසිරි කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු මිල්ලනිය පොලීසිය සිදුකරනු ලබයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා