අධික වැස්සෙන් පුත්තලම පවුල් 826ක් අවතැන්

අධික වැස්සෙන් පුත්තලම පවුල් 826ක් අවතැන්

ඉකුත් දින දෙක තුන තුළ පැවති අධික වැසි හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 826ක සමාජික සාමාජිකාවන් 3034දෙනෙකු මේ වන විට අවතැන් වී ඇතැයි පුත්තලම අපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙසේ ආපදා තත්ත්වයට පත්ව ඇත්තේ මදුරන්කුලිය, මංගලඑළිය, දංකොටුව, ආරච්චිකට්ටුව, හලාවත සහ මාදම්පේ ප්‍රදේශවල පදිංචිකරුවන්ය. අවතැන් වූවන් ආරක්ෂිත ස්ථාන වලට ගෙන ගොස් ඇති අතර ඒ ඒ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම නිලධාරි සහ සමාජසේවා සංවිධාන ඔවුන්ගේ සුභ සාධන කටයුතුවල නිතරව ඇත.

දැදුරු ඔය, කඩුපිටි ඔය සහ මා ඔයේ ජල මට්ටම ඉහළ යාමත් කුඩා ප්‍රමාණයේ වැව් කිහිපයක් පිටාර ගැලීම සහ වැව් බැමි කැඩී යාමත් මේ ජල ගැලීම්වලට හේතු වී ඇත. දැදුරු ඔයේ සහ මා ඔය ජල මට්ටම් තවත් ඉහළ යමින් පවතින බැවින් ඒ අවට පදිංචිකරුවන් අවධානයේ සිටිය යුතු බවද පුත්තලම දිස්ත්‍රික් අපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.

වැඩි ජලය බැස යෑම සඳහා දැදුරු ඔයේ සහ තොඩුවාව මෝය මේ වන විට කපා වැලි ඉවත් කර ඇති අතර ජල මට්ටම තවත් වැඩි වුවහොත් තල්විල මෝයද කපා දැමීමට සිදුවන බවත් අපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා