19 සම්මත කර ගැනීම ජනතා ජයග්‍රහණයක්

19 සම්මත කර ගැනීම ජනතා ජයග්‍රහණයක්

ප්‍රජාතන්ත්‍රවාදය-ජනතා නිදහස-ශීලාචාර සමාජය ගොඩනඟමු යැයි ජනාධිපති ශ්‍රී ලාංකික ජනතාවට කියයි

19 වන සංශෝධනය සම්මත කර ගැනීම මේ රටේ ජනතාවට ලැබුණු ඓතිහාසික අවස්ථාවක් වන අතරම ඊට පක්ෂව ඡන්දය භාවිතා කිරීම ඓතිහාසික වශයෙන් තමන්ට ගෞරවයක් ලැබෙන දෙයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊ‍යේ (23) රාත්‍රී ජාතිය අමතමින් ප්‍රකාශ කළේය.

ජනතාවගේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් ශීලාචාර සමාජයක්, විනයගරුක හික්මීමක් ඇති රටක් ගොඩනඟන්න 19 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට ඡන්දය භාවිතා කරනු ඇතැයි විශ්වාස කරන බවත් හෙතෙම කියා සිටියේය. මේ රටේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් ශීලාචාර සමාජයක් ගොඩනැඟීමටත්, ඒකාධිපතීන් බිහිවීම වැළැක්වීමටත්, 19 වැනි සංශෝධනය ඉවහල් වන බවත් කීවේය.

මෙතරම් බලතල තිබුණ තනතුරකට පත්වූ රාජ්‍ය නායකයකු තමන් සතු බලය දෙන්න තරම් නම්‍යශීලී වූ තවත් කෙනෙකු ගැන තමන් අසා නැතැයි ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

දූෂණයට, වංචාවට, හොරකමට මෙන්ම නාස්තියට කිසි විටෙක ඉඩ නොතබන බවත් කී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දූෂණ වංචා තුරන් කිරීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා විට සමහරුන් අප ජනයාව නොමඟ යැවීමට උත්සාහ කරන බවත්, එසේ වුවද ජනතාව නිවැරදි දේ තෝරාගනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් කීවේය.


ජනාධිපතිතුමාගේ සම්පූර්ණ කතාව (වීඩියෝ සහිතයි)

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා