මිහින් ලංකා ගනුදෙනු ගැන ගෝඨාගෙන් ප්‍රශ්න කරයි

මිහින් ලංකා ගනුදෙනු ගැන ගෝඨාගෙන් ප්‍රශ්න කරයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මිහින් ලංකා ගුවන් සමාගමේ සභාපතිවරයාව සිටියදි එහි සිදුකෙරුණු ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමට ඊයේ (23) කැඳවා තිබිණි. තමාට එරෙහි චෝදනාවලට අදාළව අධ්‍යයනය කර ලියවිලි සහිතව පැමිණ ප්‍රකාශයක් ලබාදීමට දින 90ක කාලයකින් දිනයක් ලබාදෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉල්ලා සිටි බවත්, ඊට කොමිසම කැමැත්ත දැක්වීමෙන් පසු රාජපක්ෂ මහතා එතැනින් පිටව ආ බවත් ඔහුගේ නීතිඥ සාගර කාරියවසම් මහතා පැවැසීය.

මීට වසර 7ට පමණ ඉහතදී මිහින් ලංකා ගුවන්සේවා සාමගමට අදාළව සිදුකෙරුණු ගනුදෙනුවක් සම්බන්ධයෙන් බැවින් ඊට අදාළ සියලු තොරතුරු මේවන විට මතකයේ නැති බැවින් මෙලෙස වෙනත් දිනයක් ඉල්ලා සිටිය බව නීතිඥ සාගර කාරියවසම් වහතා ප්‍රකාශ කෙළේය.

ඒ අනුව එම සිද්ධියට අදාළව සියලුම ලියකියවිලි පරීක්ෂා කර ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් පසුව විධිමත් ලෙස ප්‍රකාශයක් ලබාදීමට කටයුතු කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අල්ලස් කොමිසමට දැන්වූ බව නීතිඥවරයා කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා එම ස්ථානයට ඒමට ප්‍රථම එහි රැස් වු මහා සංඝරත්නය පිරිත් සඡ්ඡායනාකරද්දි පෙරවරු 9. 30 ට පමණ අල්ලස් හෝ දූෂණ කොමිසම් සභාව වෙත පැමිණ විනාඩ් 10 කින් පමණ යළිත් ඉන් පිටතට පැමිණි ඒ මහතාට අවට රැස්ව සිටී මහා සංඝරත්නය ප්‍රමුඛ දේශපාලඥයන්ගේ හා මහජනතාවගේ උණුසුම් පිළිගැනීමක් ලැබුණු අයුරු දක්නට ලැබිණ.

පවත්නා වාතාවරණය යටතේ කලහකාරී සිදුවීමක් ඇතිවුවහොත් එය පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්දන ඒකකය ද එම ස්ථානයට කැඳවා තිබුණු අතර බෞද්ධාලෝක මාවත මාර්ගයේ වාහන ධාවනයට ද බලපෑම් එල්ල වී තිබිණි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා