උසාවි නියෝගය කඩ කොට විරෝධතාවේ යෙදුණු සන්ධාන මන්ත්‍රීන් 10කට නොතිසි

උසාවි නියෝගය කඩ කොට විරෝධතාවේ යෙදුණු සන්ධාන මන්ත්‍රීන් 10කට නොතිසි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරමින් ඊයේ අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණය කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන් 10 දෙනෙකුට මැයි 08 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නොතීසි නිකුත් කොට තිබේ.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාටද මෙලෙස නොතීසි නිකුත් කොට ඇත.

උසාවි නියෝගය කඩ කොට අධිකරණයට අපහාස වන අන්දමින් විරෝධතාවේ නියැලුණු 28 දෙනෙකුට මෙලෙස නොතීසි නිකුත් කිරීමට අධිකරණය අද පියවර ගෙන තිබේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා