ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරුන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරුන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා නව ආසන සංවිධායකවරුන් පස් දෙනෙකුට පත්වීම් ලිපි භාරදීම අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සිදුවිය.

ඒ අනුව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා බිංගිරිය ආසනයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙසත් අම්පාර නගරාධිපති ඉන්දික නලින් ජයවික්‍රම මහතා අම්පාර (දකුණ) ආසනයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙසත්, දැදිගම ආසනයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සම සංවිධායක ලෙස සබරගමුව පළාත් සභා මන්ත්‍රි උදයකාන්ත ගුණතිලක මහතාත්, දැදිගම ආසනයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සම සංවිධායක ලෙස වරකාපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති කිත්සිරි විජේතුංග මහතා සහ වත්තල ආසනයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස බස්නාහිර පළාත් සභා අමාත්‍ය නිමල් ලන්සා මහතා පත්වීම් ලිපි ලබා ගෙන ඇත.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා