19ට සහාය පළ කිරීමේ වමේ පා ගමන 27දා

19ට සහාය පළ කිරීමේ වමේ පා ගමන 27දා

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළ කරන ලෙස බල කිරීමේ දැවැන්ත පාගමනක් මේ මස 27 දා පැවැත්වීමට වමේ සමඟිය සඳහා සම සමාජ - කොමියුනිස්ට් ඒකාබද්ධ සංවිධානය කටයුතු යොදා තිබේ.

රාජගිරිය ආයුර්වේද මංසන්ධියේ සිට පාර්ලිමේන්තුව දක්වා මේ පාගමන පැවැත්වෙන අතර පසුගිය ජනාධිපතිවරණයේදී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබු සංවිධාන 49 සහයෝගය ඊට ලැබෙන බව ආණ්ඩුවේ කම්කරු සම්මේලනයේ සභාපති ඩී.බි. අබේරත්න මහතා පැවසීය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන තුරු මේ අරගලය ගෙන යන බවත් එම සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් පාර්ලිමේන්තුව විසිරුවා හැරිමට බල කරන බවත් ඒ මහතා කීවේය. මේ පාගමනට තවත් සංවිධාන රැසක් එක් වන බවත් එම සංවිධාන සමඟ මේ වන විට සාකච්ඡා පවත්වන බවත් ඒ මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා