වරායේ සිදුවූ දූෂණ සොයන්න කමිටුවක්

වරායේ සිදුවූ දූෂණ සොයන්න කමිටුවක්

වරාය අමාත්‍යාංශ‍යට අයත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුළු ආයතනවල සිදුවූ දුෂණ සෙවීමට කමිටුවක් පත් කරන බව වරාය හා නාවුක කටයුතු පිළිබඳ ඇමැති අර්ජුන රණතුංග මහතා ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවැසීය.

මේ වන විට කමිටුව සඳහා පත් කරන නියෝජතයන් සමඟ සාකච්ඡා සිදු කරන බව කියා සිටි ඇමැතිවරයා ඉදිරි සතිය තුළ මේ කමිටුව පත් කරන බවද පැවැසීය.

කමිටුවට පත් කරන පුද්ගලයින්ගේ ආරක්ෂාව පිළිබඳ මෙහිදී විමසිලිමත් වන බව අවධාරණය කළ ඇමැතිවරයා කමිටුව පත් කිරීමෙන් පසුව මේ අංශ තුළ සිදුව ඇති මහාපරිමාණ දූෂණ වංචා විමර්ශනය කරන බවත් කියා සිටියේය.

කමිටුව විමර්ශනයෙන් පසුව සියලුම දූෂණ සම්බන්ධයෙන් මාධ්‍යයට හෙළිදරව් කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා