ගාලු මුවදොර පිටියේ වාහන නැවැත්වීමට අය කිරීමක් නෑ

ගාලු මුවදොර පිටියේ වාහන නැවැත්වීමට අය කිරීමක් නෑ

ගාලු මුවදොර පිටියේ කිසිදු අයකිරීමකින් තොරව වාහන නැවැත්වීමට හැකි බව වරායා හා නාවික කටයුතු අමාත්‍යාංශය පවසයි.

උත්සව සමයේ විශාල ලෙස වාහන ගාලු මුවදොර පිටියට පැමිණෙන බවත් මෙම කාලය තුළ කිසිදු අයකිරීමක් සිදු නොකරන බවත් වරාය හා නාවුක කටයුතු ඇමැති අර්ජුන රණතුංග මහතා ඊයේ (23) අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේය.

‍ගාලු මුවදොර පිටියේ වාහන නැවැත්වීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් අයකරගෙන ඇති බව පවසන ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් අමාත්‍යාංශය මේ වන විටත් ආරම්භ කර ඇති බවත් එහි වාර්තාව ලැබුණු විගස මාධ්‍යට හෙළි කරන බවත් කියා සිටියේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා