දෙහිවල සුපිරි වෙළෙඳ සල්වල කුණු කෑම තොග පිටින්

දෙහිවල සුපිරි වෙළෙඳ සල්වල කුණු කෑම තොග පිටින්

අවුරුදු සමයේ පාරිභෝගික ජනතාවට අලෙවි කිරීමට සූදානම්ව තිබූ කල් ඉකුත් වී හා නරක් වී පරිභෝජනයට නුසුදුසු තත්ත්වයක තිබූ ආහාර තොගයක් දෙහිවල නගරයේ සුපිරි වෙළෙඳ සල් දෙකක් වටලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගන්නා ලද බව දෙහිවල කොට්ඨාස ප්‍රධාන මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එස්. එම්. ආර්. ඔඩයාර් මහතා පවසයි.

මේඅ සුපිරි වෙළෙඳ සල්වල මස්, මාළු සමඟ වෙනත් ආහාර ද්‍රව්‍ය අවිධිමත් ලෙස ගබඩා කර තිබූ බවත්, විශාල ආහාර ද්‍රව්‍ය ප්‍රමාණයක් කල් ඉකුත් වී තිබූ අතර ලේබල් නීතිය පවා උල්ලංඝනය කර තිබූ බව වැටලීම් නිලධාරීන් පවසයි. එම ආහාර තොගය එම සුපිරි වෙළෙඳසල්වල කළමනාකාරීත්වයේ ද එකඟතාවයෙන් එම ස්ථානවලදීම විනාශ කිරීමට ද කටයුතු කරනු ලැබිණි. මෙලෙස විනාශ කරන ලද ආහාර අතර වුඩ් ඇපල් බීම බෝතල්, ෆැෂන් පූඩ් බීම බෝතල්, ඇපල් ජූස් බීම බෝතල්, තිරිඟු පිටි මාස්මෙලෝස්, බිස්කට් වර්ග, තෝර මාළු, චිකන්, කෙළවල්ලා, අයිස්ක්‍රීම් ආදිය තිබූ බව නිලධාරීහු පවසති.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා