බැසිල් බලන්න මහින්ද ජාතික රෝහලට එයි

බැසිල් බලන්න මහින්ද ජාතික රෝහලට එයි

[2015-04-24 14:00]

දැනට කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබන හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ සුවදුක් බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් අද පැමිණ ඇතැයි වාර්තා වේ.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලද රාජපක්ෂ මහතා ඊයේ කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට මාරු කර එවන ලදී.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා