බස් රථයේ රෝද 4 ගැලවී විසිවෙයි

බස් රථයේ රෝද 4 ගැලවී විසිවෙයි

මතුගම වෑත්තෑවේදී පෞද්ගලික බස් රථයක - මෝටර් රථයක් මුහුණට මුහුණලා ගැටී පෞද්ගලික බස් රථයේ පිටුපස රෝද හතරම යකඩ බාර් සමඟ ගැලවී විසි වී ඇත.

බස් රථය පාර මැද ඇදවැටීමෙන් ගමන් ගත් මඟීන් සිව්දෙනකුට බරපතළ තුවාල සිදු වී කළුතර රෝහලට ඇතුළත් කර ඇත. මෝටර් රථයේ රියැදුරු ද බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත. මෝටර් රථයට ද දැඩි හානි සිදු වී තිබේ.

මාර්ග අංක 285 මතුගම සිට හොරණ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථය වෑත්තෑවේදී අනතුරට මුහුණපෑහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා