19ට සහාය දෙන්න ශ්‍රීලනිපය තීරණය කළා

19ට සහාය දෙන්න ශ්‍රීලනිපය තීරණය කළා

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න

දහ නවවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (23දා) ඒකමතිකව තීන්දු කරනු ලැබී යැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ‘දිනමිණ’ට පැවැසීය.

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ සංශෝධනත් සමඟම 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහයෝගය ලබාදීමටද මෙහිදී තීරණය කර ඇති අතර 20 වෙනි සංශෝධනය ඉදිරි මැතිවරණයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට ද මධ්‍යම කාරක සභාවේදී ඒකමතික අනුමැතිය හිමිවුණු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේම මැතිවරණ ක්‍රමය ගැන ඊයේ (23දා) පැවැති ජාතික විධායක සභාවේ දී සාකච්ඡාවට ලක් වු බව සඳහන් කළ අමාත්‍යවරයා එකම මැතිවරණ ක්‍රමයක් ගැන එකඟතාවක් ඇති කර ගැනීමට සලකා බැලීමට මෙහිදී එකඟතාවක් ඇති වූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා